පාස්කු ප්‍රහාර කොමිෂන් වාර්තා අවශ්‍ය වෙලාවට එළියට දාන්නම්

පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තා අවශ්‍ය වෙලාවට හෙළිදරව් කිරීමට රජය සූදානම් යැයි ජනමාධ්‍ය ඇමැති විජිත හේරත් මහතා පවසයි.එසේ නොමැතිව එක් එක් පුද්ගලයන්ගේ ප්‍රකාශ මත පදනම්ව ඒවා හෙළි නොකරන බව පැවසූ ඒ මහතා වගකිවයුතු ආණ්ඩුවක් ලෙස එම කටයුත්ත නිසි පරිදි සිදු කරන බව ද කියයි.වැඩිහිටි අවධානය ගැනීමට පොඩි දරුවන් සෙල්ලම් බඩු පොළොවේ ගසන ආකාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ජනතාවගේ අවධානය ගැනීමට කටයුතු කරන බව කී ඇමැතිවරයා, ඒවාට කලබල විය යුතු නැති බවත් අවශ්‍ය වෙලාවට ඒ වාර්තා ඉදිරිපත් කරන බවත් වැඩිදුරටත් කියා සිටී.

කාලීන පුවත්