පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ 2019 වසරේදී ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට අකකර්මන්යව පවතින විමර්ශන කඩිනම් කළ යුතු බවත් එම සිදුවීමේ සියලු පැති ආවරණය වන පරිදි අංග සම්පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් ජාත්‍යන්තර සහාය ඇතිව පැවැත්විය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (07) ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාවේ දැක්වේ.එසේම පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බවද මහ කොමසාරිස් වෝල්කර් ටෲක් මහතා ප්‍රකාශ කර ඇත.ශ්‍රී ලංකාවේ වගවීම පිළිබඳ යාන්ත්‍රණ කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවද එම වාර්තා වේ සඳහන් වේ.ශඑමෙන්ම ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 14 ක කාලයක් ගෙවුණත් මේ වන විටත් දස දහස් ගණනක් වූ වින්දිතයන්ගේ පවුල්වල සාමාජිකයන් සත්‍ය, යුක්තිය සහ විසඳුම් සොයමින් වේදනා විඳින බවද එම වාර්තාවේ දැක්වේ.