“පාස්කු ප්‍රහාරය ඡන්දය දිනන්න කරපු වැඩක්” යැයි අගරදගුරු කියයි

පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණේ ඡන්දය ජයග්‍රහණය කිරීමේ චේතනාවක් බවත්, ඒ නිසා මේ ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක්, පිහිටක් ශ්‍රී ලංකාව තුළ නොලැබෙන බවත් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (01) ඉතාලියේ පාදුවා නගරයේ ශුද්ධ වූ අන්තෝනි මුනි‍ඳුන්ගේ සිද්ධස්ථානයේ දී දිව්‍ය පූජාවට එක්වෙමින් පවසන ලදි.

මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බව ද කාදිනල්තුමෝ සඳහන් කරන ලදි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක් බවද පවසන ලදි.

මෙම විශේෂ දේව මෙහෙය සඳහා මෙරට රදගුරු මණ්ඩලය නියෝජනය කරන රදගුරු හිමිපාණන් වහන්සේලා සහා පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියේ ය.

කාලීන පුවත්