පාස්කු ඉරුදින සිදු වු ප්‍රහාරය යොදා ගෙන වත්මන් රජයට බලයට පත්වීමට ක්‍රියා කළ බවට ඇතැමුන් සිදුකරන අසත්‍ය ප්‍රකාශ පිළිගත නොහැකි බවත් ඒවා තරයේ හෙලා දකින බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. එම ප්‍රහාරය සම්බන්ධ සියලු විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කෙරෙන අතර. එම විමර්ශන නවතා ඇති බවට නැගෙන චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කියයි.වැඩිදුරත් අදහස් දක්වන ගුණරත්න මහතා පවසනුයේ ප්‍රහාරයට සම්බන්ධ 735 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන අදාල පරික්ෂණ වාර්තා නිතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරිමට ද පියවර ගෙන ඇති බවකි.නමුදු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරද ගුරු හිමිපාණන් ජාත්‍යන්තරය හමුවේ පවා ප්‍රකාශ කොට ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සිදු කරන විමර්ෂණ පිළිබඳව බරපතල සැක මතු වී තිබෙන බව ය.