පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැඟවුණු රහස් ගැන උදය ගම්මන්පිල ගෙන් එළිදරව්වක්

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයන් එල්ලවීමට පෙර විදේශීය බුද්ධි අංශයක් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා ඒ සම්බන්ධයෙන් අතිශය රහසිගත ලිපියක් මඟින් එවකට නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව විමර්ශන වාර්තාවේ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සිය පක්ෂ මූලස්ථානයේ දී අද (21දා) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා හෙළිදරව් කළේය.නමුත් රවී සෙනවිරත්න මහතා දින 12ක් තිස්සේ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙන තිබූ බවද වහා ක්‍රියාත්මක වූයේ නම් නම් අදාළ බෝම්බකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබූ බවද ඔහු පැවසීය.මෙම අපරාධය වලක්වා නොගැනීම හේතුවෙන් රවි සෙනෙවිරත්න මහතාට අපරාධ නීතිය යටතේ දඬුවම් දිය යුතු බව අදාල වාර්තාවේ 41 වැනි පිටුවේ දැක්වෙන බවත් හෙතෙම පැවසුවේය.එමෙන්ම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද අදාළ රාජකාරී නිසි ලෙස ඉටු නොකිරීම මත අපරාධ නඩු පැවරිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර ඇති බවත් ගම්මන්පිල මහතා කියා සිටියේය.

කාලීන පුවත්