ඔන් ලයින් ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කර දින තුනක් තුළ කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙල අද (15) පස්වරු 3ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී ආරම්භ විය.නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වේ.