පාස්පෝට් නිකුත් කිරීම සීමාවෙයි

ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීම සදහා යොදාගන්නා පාස්පොත් ශේෂ වීම හේතුවෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හාරසියයක් දක්වා අවම වී ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

මේ වනවිට ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව ඇත්තේ හතළිස් දහසක පමණ පාස්පොත් සංඛ්‍යාවකි. විද්‍යුත් ගුවන් ගමන් බලපත්‍ර ක්‍රමවේදය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිත හෙයින් ගුවන් ගමන් බලපත්‍ර මුද්‍රණය කළ පොත් මිලදී නොගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි.

කාලීන පුවත්