ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියේ අඩංගු යෝජනා වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ පිට කොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට අද(07) පස්වරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ.මෙම සත්‍යග්‍රහය සඳහා එක් වීමට අපේක්ෂාවෙන් සිටි තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසකට ඉන්ධන අර්බුදය මත පැනනැඟුණු ප්‍රවාහන දුෂ්කරතා නිසා එම ස්ථානයට වැඩම කිරීමට නොහැකි වී ඇති බව එහි සංවිධායක හිමි වරු කියති.