“පිටසක්වල ජීවී සිරුරු හඳුන්වා දුන් ජේමී මුසාන් මීට කලින් ද බොරු කළ අයෙක්” නාසා ආයතනය කියයි

පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන දශක ගණනක් තිස්සේ ගවේෂණ කරන බව පැවසෙන ජේමී මුසාන් නමැති මාධ්‍යවේදියා පිටසක්වළ ජීවීන්ගේ යැයි මීට පෙර ඉදිරිපත් කළ සාක්ෂි ද ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇති බැවින් බැවින් මෙවර ඔහු ඉදිරිපත් කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන එම සිරුරු වැඩිදුර පරීක්ෂණ සඳහා තමන්ට ලබා දෙන ලෙස ඇමෙරිකාවේ නාසා ආයතනය ඉල්ලා සිටියි. පිටසක්වළ ජීවීන් සැබෑවක් කීමට හෝ පිටසක්වළ ජීවීන් නැතැයි කීමට හෝ තමන්ට තවමත් හැකියාවක් නොමැති බව නාසා මතයයි.නමුත් මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ දී ලොවට අනාවරණය කළ පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන කුඩා සිරුරු විශේෂ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ බවත්, එම සිරුරු බොරු යැයි කීමට සාක්ෂි නොමැති බවත් එම ගවේෂණ සිදු කළ මෙක්සිකෝ වෛද්‍ය කණ්ඩායම් නායක හෝසේ දෙ යේසුස් නම් මෙකිස්කෝ නාවික හමුදාවේ අධිකරණ වෛද්‍යවරයා කියයි. පිටසක්වළ ජීවීන්ගේ යැයි සැක කෙරෙන සිරුරු ජේමී මුසාන් මාධ්‍යවේදියා මීට සතියකට පමණ පෙර ඒවා මෙක්සිකෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් ඉදිරිපත් කළ අවස්ථාවේදී ද හෝසේ දෙ යේසුස් වෛද්‍යවරයා ද ඒ වෙනුවෙන් පෙහී සිටියේ ය. එහි දී ඒවා සිරුරු අස්ථි එකතු කරමින් සකස් කළ බොරු සිරුරු නොවන බවට ඔහු සහතික වී ඇත. ඒවා හඳුනා ගැනීමට නොහැකි කිසියම් අසාමාන්‍ය ජීවියකුගේ ඇටසැකිළි බවත්, එක් සිරුරක උදරයේ බිත්තර වැනි යමක් ඇති බව තහවුරු වී ඇති බවත් වෛද්‍ය හෝසේ දෙ යේසුස් පෙන්වා දී තිබේ.නමුත් එසේ වූ පමණින් ඒ ජීවීන් වනුයේ කෙසේද?යන්න පැහැදිලි වී නොමැති අතර නාසා ආයතනයේ ඉල්ලීම අනුව ඒවා එම ආයතනයට ලබා දීම කෙරෙහි මෙතෙක් මෙක්සිකෝවේ අවධානය ද යොමු වී නැත.

 

කාලීන පුවත්