පසුගිය වසරේ සැප්තැම්බර් 15 වනදා පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ විභාගයට පෙර පිටවී ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ ප්‍රශ්න 03 සඳහා සියලුම විභාග අපේක්ෂකයන්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.එහි දී සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කෙරුණු අතර පසුගිය 31 වනදා එහි තීන්දුව ප්‍රකාශයට පත් විය.එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ විභාග කොමසාරිස්වරයාට ඇති බලතල අනුව විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් කමිටුවේ නිර්දේශ අතුරින් සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටයි.ඉන් පළමු නිර්දේශය වූයේ පිළිතුරු පත්‍ර සඳහා ලකුණු ලබාදීමේ දී මතභේදාත්මක ප්‍රශ්න 03 ඉවත් කර ඇගයීම් සිදු කිරීමයි.දෙවැන්න වූයේ අදාළ ප්‍රශ්න 03 සඳහා සියලු විභාග අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමයි.පළමුවන ප්‍රශ්න පත්‍රය සඳහා විභාගය නැවත පැවැත්වීම එහි තුන්වන නිර්දේශය විය. මෙම තත්ත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කළ විභාග කොමසාරිස්වරයා මෙහි දෙවන නිර්ද්ශය වන අදාළ ප්‍රශ්න 03 සඳහා සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ප්රදානය කිරීමට තීරණය කොට තිබේ.ඒ අනුව ඇගයීම් කටයුතු අවසන් කර කඩිනමින් ප්‍රතිඵල ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් වරයා සඳහන් කරයි.