පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී පෞද්ගලික බස් වලට මුල් තැනක් ඕනෑ

පොදු මගී ප්‍රවාහන සේවා සළසන පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන පිරවුම් හල් වලින් ඉන්ධන ලබා ගැනීමේදී ප්‍රමුඛත්වයක් හිමි කර දෙන දෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි. මේ අතර අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසනුයේ පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ ධාවනය වූයේ 1500කට අඩු සංඛ්‍යාවක් බවකි.පෞද්ගලික බස් රථ සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවත් ලංගමයෙන් ඉන්ධන නොලැබුණු බව ද ඔහු පැවසීය.එහෙත්,ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ කළමණාකරුවන් පවසන්නේ ලංගම බස් ධාවනය සඳහා ලංගම ඩිපෝ සතු ඉන්ධන ප්‍රමාණය ද පෞද්ගලික බස් රථ වලට පුරවා හැරිය හොත් ලංගම බස් රථ වලින් විශාල ප්‍රමාණයක් ඩිපෝ තුළම ගාල් කර තැබීමට සිදු වන බැවින් ඒ සම්බන්ධ පොදු විරෝධයක් ලංගමය තුළින්ම පැන නැඟුණු බවය.එමෙන්ම මෙවැනි අදූර්ශී පටු දේශපාලන තීන්දු තීරණ මඟින් සමස්ත ජාතික ප්‍රවාහන පද්ධතියම බිඳ වැටෙන බව ද ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

කාලීන පුවත්