පිළිකාවකින් මිය ගොස් නැවත පණ ලැබූ ඉන්දීය නිළිය

පිළිකාවකින් මිය ගිය බව පැවසුණු ඉන්දියාවේ නිළියක ඊට දිනකට පසු සමාජ මාධ්‍ය ඔස්සේ පණ පිටින් පෙනී සිටීමේ සිද්ධියක් පසුගිය දා ඉන්දියාව තුළ විශාල ආන්දෝනයක් ඇති කර තිබිණි. මෙම නිළියගේ නම පූනම් පාන්ඩේ ය. ඇය නිළියක ලෙස මෙන්ම නිරූපන ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සමාජ මාධ්‍ය තුළ ද ජනප්‍රිය චරිතයකි.

ඉහත කී ආන්දෝලනය ආරම්භ වූයේ පූනම්ගේ කළමනාකාරවරයා ඇයගේ සමාජ මාධ්‍ය පිටුවක ලියා තිබූ සටහනක් සමගිනි. එහි ඔහු සඳහන් කර තිබුණේ එදින උදයේ පූනම් පාන්ඩේ ගැබ්ගෙල පිළිකාවකින් මිය ගිය බවයි.

“මෙම උදෑසන අපට දරා ගැනීමට අසීරු උදෑසනක් වුණා. අපේ ආදරණීය පූනම් ගැබ් ගෙල පිළිකාවකින් මරණයට පත් වූ බව දැනුම් දෙන්නේ ඉතා කණගාටුවෙන්” යයි ඇයගේ කළමනාකාරවරයා ඇගේම ඉන්ස්ටග්‍රෑම් පිටුවෙහි ලියා තිබිණි. පූනම් කාලයක් තිස්සේ ඉතා ධෛර්යය සම්පන්නව ඇයගේ පිළිකාව සමග සටන් කරමින් සිටි බවත්, නමුත් අවසානයේ එයින් ගැලවෙන්නට නොහැකි වූ බවත් ඔහු මාධ්‍ය සමග ද පවසා තිබෙනු දැකිය හැකි විය. පූනම් ගේ රසික රසිකාවියන් ද, ක්‍ෂේත්‍රයේ සහෝදර ශිල්පීන් ද මෙම පුවත අසා මහත් කම්පාවට පත් ව තිබූ අතර සිය ශෝකය පළ කරමින් පණිවුඩ පවා සටහන් කර තිබිණි.

තමා මිය ගිය බව පවසමින් මෙවැනි නාටකයක් රඟ දැක්වූයේ ගැබ් ගෙල පිළිකා පිලිබඳව සමාජයේ අවධානය යොමු කරවමින් ඒ පිලිබඳ සංවාදයක් ඇති කිරීම සඳහා බවක් ද ඇය සඳහන් කළාය.

නමුත් ඊට දිනකට පසු සිදු වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ සිද්ධියකි. එනම් පූනම් නැවතත් ‘පණ’ ලබා සිටීම යි. එදින සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටි ඇය පවසා සිටියේ පෙර දින වූ ඇයගේ මරණය හුදෙක් මවා පෑමක් පමණක් බවත්, තමා තවමත් ජීවතුන් අතර සිටින බවත් ය. තමා මිය ගිය බව පවසමින් මෙවැනි නාටකයක් රඟ දැක්වූයේ ගැබ් ගෙල පිළිකා පිලිබඳව සමාජයේ අවධානය යොමු කරවමින් ඒ පිලිබඳ සංවාදයක් ඇති කිරීම සඳහා බවක් ද ඇය සඳහන් කළාය. ගැබ් ගෙල පිළිකා ගැන සමාජය තුළ ප්‍රමාණවත් තරම් දැනුම්වත් බවක් නොමැති වීම නිසා බොහෝ කාන්තාවන් මෙම රෝගයට ගොදුරු වී මිය යන බවත්, මෙය ඉතා පහසුවෙන් වලක්වා ගත හැකි රෝගයක් බවත් පූනම් පවසා තිබිණි. ගැබ් ගෙල පිලිකාව යනු සම්පූර්ණයෙන් සුව කළ හැකි රෝගයකි. එච්පීවී (Human Papilloma Virus) එන්නත ලබා ගැනීම, මුල් අවස්ථාවේම පිළිකාව හඳුනා ගැනීම වැනි පියවර තුළින් මෙම රෝගයෙන් මරණයට පත් වීම වලක්වා ගත හැකි වේ.

කෙසේ නමුත් ඇය කළ මෙම ක්‍රියාව බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක් විය. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක් වූ ඇතැමුන් පවසා තිබුණේ රෝගය ගැන දැනුම්වත් කිරීමට වුව ද මෙවැනි පහත් මට්ටමේ ප්‍රචාරණ කටයුත්තක් සිදු කිරීම පිලිගත නොහැකි බවයි. ඒ තුළින් මරණය විහිළුවට ලක් කර ඇති බවක් ද ඇතැමුන් පවසා තිබෙනු දැකිය හැකි විය. තවත් සමහරුන් සඳහන් කර තිබුණේ මෙය ලැජ්ජා සහගත කටයුත්තක් බවය. පූනම්ට මේ පිලිබඳ උපදෙස් දුන් පුද්ගලයන් ද දැඩි දෝෂ දර්ශණයට ලක් කර තිබෙනු දක්නට ලැබිණි.

“මේක ටිකක් අන්තවාදී කටයුත්තක් කියල මම පිලිගන්නවා. ඒත් දැන් අපි හැමෝම හදිසියේම ගැබ් ගෙල පිළිකා ගැන කතා කරන්න පටන් අරන් නේද? මගේ මරණය පිලිබඳ පුවත විසින් ඇති කරන ලද මේ ප්‍රතිඵලය ගැන මා ආඩම්බර වෙනවා” යනුවෙන් ද ඇය සඳහන් කර තිබිණි.

තමාගේ මෙම ක්‍රියාව නිසා කම්පාවට පත් වූ සහ අපහසුතාවට පත් වූ අයගෙන් සමාව අයැදීමට ද පූනම් කටයුතු කර තිබුණාය. නමුත් තමා කළ මෙම ක්‍රියාව සම්පූර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවක් ඇය පිලිගෙන තිබුණේ ද නැත. “මේක ටිකක් අන්තවාදී කටයුත්තක් කියල මම පිලිගන්නවා. ඒත් දැන් අපි හැමෝම හදිසියේම ගැබ් ගෙල පිළිකා ගැන කතා කරන්න පටන් අරන් නේද? මගේ මරණය පිලිබඳ පුවත විසින් ඇති කරන ලද මේ ප්‍රතිඵලය ගැන මා ආඩම්බර වෙනවා” යනුවෙන් ද ඇය සඳහන් කර තිබිණි. කෙසේ හෝ වේවා, පූනම් පාන්ඩේ ගේ මෙම අසාමාන්‍ය ප්‍රචාරණ කටයුත්ත ගැන ජාත්‍යන්තර මාධ්‍ය තුළ පවා අවධානයක් යොමුව තිබෙනු දැකිය හැකි විය.

32 හැවිරිදි පූනම් මෙයට පෙර ද මෙවැනි ආන්දෝනාත්මක කටයුතු නිසා ප්‍රසිද්ධියක් දිනා සිටින්නියකි. 2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අවස්ථාවේ ඇය කළ ක්‍රියාවක් ද මහත් අවධානයක් දිනා ගත්තේය. එහි දී ඇය සඳහන් කළේ ඉන්දියාව ලෝක කුසලානය දිනා ගතහොත් තමා ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නිරුවතින් පෙනී සිටින බවයි. ඉන්දියාව එවර ලෝක කුසලානය දිනාගත් නමුත් පූනම් නිරුවත් වූයේ නැත.

2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර තිබුණේ ගැබ්ගෙල පිළිකාව සඳහා ලබා දෙන එච්පිවී එන්නත ජාතික එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් කරන බවය.

ගැබ් ගෙල පිලිකා සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා පූනම් ඉහත කී නාටකය රඟ දැක්වීමට දින කිහිපයකට පෙර ඉන්දීය රජය ද මෙම රෝගය වැලැක්වීම සඳහා විශේෂ පියවරක් ගෙන තිබිණි. 2024 අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ඉන්දීය මුදල් ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කර තිබුණේ ගැබ්ගෙල පිළිකාව සඳහා ලබා දෙන එච්පිවී එන්නත ජාතික එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් කරන බවය. අවුරුදු 9-14 අතර වයස්වල ගැහැනු දරුවන්ට එය ලබා දීමට පියවර ගන්නා බවත්, පාසල් හරහා ද එය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවත් ඇය සඳහන් කළාය.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට ඉන්දියාව ගැබ්ගෙල පිලිකා රෝගීන් විශාල වශයෙන් වාර්තා වන රටකි. ලෝකයේ ගැබ්ගෙල පිළිකා රෝගීන්ගෙන් සියයට 25 ක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන් බව සඳහන් වේ. එරට තුළ දිනකට කාන්තාවන් 200 ක් පමණ මෙම රෝගයෙන් මිය යන බව ද අනාවරණය වී ඇත.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර