පුංචි ඡන්දයේ නාමයෝජනා අවලංගුයි – පනත් කෙටුම්පත ගැසට් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කරමින් අලුතින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.

රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝගය පරිදියි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇත.

2023 මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අවලංගු කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

කාලීන පුවත්