පුංචි ඡන්දය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද

පළාත්පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවැත්වෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවත්වන මෙම සාකච්ඡාව පෙරවරු 11.30 ට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති.

පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරන එම විශේෂ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට නියමිත බව ද වාර්තාවෙයි.

කාලීන පුවත්