පූර්ව ළමා විය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡාවල මූලික වටය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඉසුරුපායේදී පැවැත්විය.
රටපුරා දැනට ක්‍රියාත්මක පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සියල්ල ඒකාබද්ධකරමින් එකම ප්‍රතිපත්තියක් මත ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණි.
මේ සඳහා එකම ප්‍රතිපත්තියක් ගෙන ඒමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරන ලෙසට අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දුන්නා.
මෙම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන්ම සියලු පළාත්වලටද අදාළ විය යුතුයි.
පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශන බඳවාගැනීමේ විභාග, වැටුප්, පුහුණුව ආදි සියල්ල නව මාර්ගෝපදේශයට ඇතුළත් විය යුතු බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවා.