පෙට්‍රල් බහී- ලාෆ් ගෑස් නඟී

ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කොට ඇත.ඒ අනුව රුපියල් 309 ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 299කි.රුපියල් 371ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 10 කින් අඩු කර ඇති අතර එමඟින් නව මිල රුපියල් 361 කි.නමුදු සෙසු සියළු ඉන්ධන වර්ගවල මිල වෙනසක් සිදු නොවේ.මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම අප්‍රේල් මාසය සඳහා සිය ගෑස් මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව නිල නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මිල සංශෝධනය අනුව, කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 420කින් ඉහළ යන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් ඉහළ යනු ඇත.නව මිල ගණන් අනුව, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් වන අතර, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් වනු ඇති බව ලාෆ්ස් සමාගම වැඩිදුරටත් නිවේදනය කර තිබේ. මෙම මිල සංශෝධනය අද (1) සිට ක්‍රියාත්මක වනු ඇත.

කාලීන පුවත්