ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව එම නෞකාව ශ්‍රී ලංකාවට ළගාවන දිනය පසුව දැනුම් දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ(24) පස්වරුවේ පැවසීය.එම නෞකාව 24 වනදා පැමිණෙන බව සැපයුම්කරු ඛනිජ තෙල් සංස්ථාව දැනුවත් කර තිබූ මුත් එය දින නියමයක් නොමැතිව ප්‍රමාද වන බවට ඛනිජ තෙල් සංස්ථාව මේ වන විට දැනුවත් කර ඇති බවත් අමාත්‍යවරයා කීය.එමෙන්ම එම නෞකාව 24 වනදා පැමිණෙන බවට කළ ප්‍රකාශ පිළිබඳව කණගාටුව පළකරන බව ද ඇමති වරයා කීය.