පෙරහැර සමයේ විධිමත්ව කසළ බැහැර කරන්න

මහනුවර ඇසළ පෙරහැර සමයේ වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙස පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී.

මහනුවර ඇසළ පෙරහැර සමයේ දිනකට ටොන් තුනක පමණ පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු ඝන අපද්‍රව්‍ය එක්රැස් වෙන බව එම අධිකාරිය පෙන්වා දෙයි.

මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ, කසළ බැහැර කරන ස්ථාන වෙත පමණක් කසළ බැහැර කර ලෙසයි.

පොලිතීන් ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය භාවිතය හැකිතාක් අවම කරන මෙන්ද බැතිමතුන්ට සිහිපත් කර සිටී.

 

කාලීන පුවත්