පොදු ජන පෙරමුණේ ඡන්ද හැට නව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ නාමල්

තමන් ඇතුළු පිරිසක් ගොඩ නැඟූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඡන්ද හැටනව ලක්ෂය තුන් ලක්ෂයට අඩු කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ සහෝදරයා යැයි මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක දිලුම් අමුණුගම මහතා පැවසීය.සර්ව ජනබලය කෑගල්ල දිස්ත්‍රික් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය විසින් කෑගල්ල අඹන්පිටිය ප්‍රදේශයේ හෝටලයක පැවැති එම පක්ෂයේ කෑගල්ල අපේක්ෂකයන් හා ක්‍රියාකාරින් හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.එහි දී වැඩි දුරටත් අදහස් පළ කළ දිලුම් අමුණුගම මහතා මෙසේ ද කීය.‘‘ජනාධිපතිවරණයට වෙනම ඉල්ලන්න එපා කියලා අපිත් නාමල්ට කිවවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂත් කිව්වා. ඒත් නාමල් ඇහුවේ නෑ.අපේ බලාපොරොත්තුව වුණේ ශක්තිමත් විපක්ෂයක් නිර්මාණය කිරිමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ සම්ප්‍රදායික දේශපාලනයට අපි යන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව වැටෙන්න හේතුවත් ශක්තිමත් විපක්ෂයක් නොමැති වීමයි. ශක්තිමත් විපක්ෂය කියන්නේ වැඩියෙන් මන්ත්‍රිවරු ඉන්න විපක්ෂය නොවේ. ඒක ගුණාත්මක භාවයෙනුයි ශක්තිමත් වෙන්න ඕනෑ”

කාලීන පුවත්