මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.පක්ෂය යම් හෙයකින් ඔහුට වඩා දුර්වල අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් ද තමන්ට තීන්දුවක් ගැනීමට සිදුවන බවත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමල් රාජපක්ෂ මහතා සුදුසු නොවන බව ද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ උඩුගම්පොළ, පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.