පොදු පෙරමුණු ජනපතිවරණ අපේක්ෂකයා මහින්ද චින්තනයට එකඟ විය යුතුමයි

ඉදිරි ජනපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන හෝ එම පෙරමුණ සහය දෙන අපේක්ෂකයා කවරකු වුව ද අනිවාර්යයෙන්ම මහින්ද චින්තනය සමඟ එකඟ වී ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන අයකු විය යුතු බවට එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවේදී අද (24) තීරණය විය.එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා රට බෙදන චින්තනයේ සිටින අපේක්ෂකයකු නොවිය යුතු බවටද රැස්වූ සියල්ලෝ ඒකමතික තීරණයකට පැමිණියහ.නමුදු ඉදිරි ජනපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් පත්කෙරෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පසුවට කල් තබන ලදී.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී මෙම රැස්වීම පැවැත්විණි.

කාලීන පුවත්