පොදු විභාග ක්‍රමයකින් විභාගවලට මුහුණදෙන දරුවන්ට අද අවශ්‍ය පොදු අධ්‍යාපන ක්‍රමයක් – අගමැතිනී හරිනි අමරසූරිය

පොදු විභාග ක්‍රමයක් යටතේ විභාගයට මුහුණ දෙන රටේ දරුවන්ට පොදු අධ්‍යාපන ක්‍රමයක් තිබිය යුතු බව අගමැතිනී,ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවැසුවාය.

පළාත් අධ්‍යාපන ප්‍රධානීන් සමඟ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී අගමැතිනිය මේ බව සඳහන් කළාය. අපේ රජයට අධ්‍යාපනය කියන එක ඉතා වැදගත් විෂයක්. ඒ සඳහා අපේ රජය විශේෂ අවධානයක් සහ ප්‍රමුඛතාවයක් ලබා දෙන බවත් අගමැතිනිය කියා සිටියාය.

පළාතෙන් පළාතට වෙනස් අවශ්‍යතා තිබෙන්න පුළුවන් වුණත් ප්‍රතිපත්ති අතර ලොකු පරස්පරයක් නොතිබිය යුතු බව අගමැතිනිය කීවාය.එහෙත් ප්‍රතිපත්ති මට්ටමේ තීන්දු තීරණ අර ගනිද්දී ජාතික මට්ටමේ ප්‍රතිපත්තියට අනුකූලව වැඩ කරන්න සිදුවන බව අගමැතිනිය සඳහන් කළාය.

කාලීන පුවත්