පොල් අක්කර ලක්ෂ 11කට සුදු මැස්සාගෙන් බලපෑම්

දිවයින පුරා අක්කර ලක්ෂ 11 ක පොල් වගාවට සුදු මැස්සාගේ හානිය බරපතළ ලෙස ව්‍යාප්තවීම හේතුවෙන් පොල් අස්වැන්න විශාල ලෙස පහත වැටෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

ඉකුත් වසරේ (2023) මෙරට පොල් අස්වැන්න ගෙඩි බිලියන 3.4 ක පැවැතියත් මේ වසරේදී එය බිලියන 2.9 ක් දක්වා අඩුවී ඇත. එක් වරකදී එක පොල් ගසකින් ගෙඩි 45 ත් 50 ත් අතර කඩන අතර, එම ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවද පොල් වගාකරුවෝ කියා සිටිති.

සුදු මැස්සා මර්ධනය සදහා ක්ෂේත්‍රයේ දැනට පරිපෝෂිතයකු සිටින බවත්, යම් පළිබෝධකයකු මුලින්ම පැමිණි පසු පරිපෝෂිතයා වර්ධනය වන්නේ මන්දගාමීව බවත් ඇය පැවැසුවාය. පරපෝෂිතයාගේ වර්ධනයට යම් කාලයක් ගතවන බව පොල් පර්යේෂණායතනයේ වැඩබලන අධ්‍යක්ෂිකා ආචාර්ය නයනි ආරච්චිගේ කීවාය.

කාලීන පුවත්