හිටපු මැතිවරණ කොමසාරිස් හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ(23) පස්වරුවේ ‘‘පොලිස්පතිතුමනි රඹුක්කන රීරි යකා බැඳ දමමු‘‘ යන්න සඳහන් පුවරුවක් ද එල්ලාගෙන අම්බලන්ගොඩ නගරයේ පදික වේදිකාව විරෝධාවක නිරත විය.අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර ක්‍රිකට් තරඟය පවතින අතරතුර දේශප්‍රිය මහතා මේ ක්‍රියා මාර්ගයට අවතීර්ණ විය.