පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා විසින් බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාශ හතකට ඇඳිරි නීතිය පැනවීම රටේ නීතිය උල්ලංඝනය කරන්නක් බව ශ්රී ලංකා නීතීඥ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ. සභාපති නීතිඥ සාලිය පීරිස් සඳහන් කරන්නේ මෙම ඇඳිරි නීති පැනවීම මානව හිමිකම් උල්ලංඝනයක් මෙන්ම ප්රජාතන්ත්රය විනාශ කිරීමක් බවයි. මෙම ක්රියාමාර්ග මගින් ඉදිරි දිනවල බරපතල ප්රතිවිපාක අත්කරගන්නට සිදුවනු ඇතැයිද ශ්රී ලංකා නීතීඥ සංගමය අනතුරු අඟවා තිබේ.එමෙන්ම පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා විසින් පැනවූ ඇඳිරි නීතිය වැන්නක් පැනවීමට ඔහුට කිසිදු නීතිමය බලයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද කියයි.මේ අතර මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ පොලිස් පති වරයාගේ වුව නීති විරෝධී නියෝග පිළිපැදීමට කිසිදු පොලිස් නිලධාරියකු කටයුතු නොකළ යුතු බවකි.