පොලිස් මැතිවරණ ඒකකය වැඩ අරඹයි

ජනාධිපතිවරණයේ මැතිවරණ රාජකාරි අධීක්ෂණ කටයුතු සඳහා මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති අසංග කරවිට මහතාට අමතරව තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ඩී.ජී.එල්.ඒ ධර්මසේන යන මහත්වරුන් ඒ සඳහා පත්කර ඇති බව සඳහන් ය.

මේ වනවිටත් පොලිස් මූලස්ථානයේ මැතිවරණ කටයුතු පිළිබඳ ඒකකයක් ආරම්භ කර ඇති අතර ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක එම ඒකකය සඳහා ස්ථානාධිපතිවරයෙකු ද පත් කර තිබේ.

කාලීන පුවත්