අද(01) අළුයම පොලීසිය විසින් කඩා ඉවත් කළ අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස තිබූ අට්ටාලය විරෝධතාවයේ නිරත ජනතාව නැවත එම ස්ථානයේ සවි කොට තිබේ.මයිනාගෝගම ලෙස හැඳින්වූ මෙම ස්ථානයේ සවිකර තිබු තාවකාලික අට්ටාලය අද උදෑසන පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් කඩා දැමීමට ඇති නීතිමය පදනම කුමක්ද?යන්න ඉන්පසු එහි පැමිණි නීතිඥයන් විසින් විමසා තිබේ.එමෙන්ම මීට ටික වේලාවකට පෙර එහි පැමිණි විශාල පිරිසක් යළිත් එම ස්ථානයේ අට්ටාලයක් සවි කළ කර අතර මේ වන විට ඔවුහු එම ස්ථානයේ විරෝධතාවක නිරත වී සිටිති.