පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට මායිම්ව,පේරක කලාපයේ දිවුලාන රක්ෂිතයට ජේ,සී,බී යන්ත්‍ර දෙකක් ඇතුළත්කර එහි අක්කර ගණනාවක රක්ෂිතය විනාශ කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු, එම ජේ .සී.බී යන්ත්‍ර දෙක සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවිී කාර්යාලය පවසයි’.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලොන්නරුව ඕනෑගම,හා කදුරුවෙල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලොන්නරුව අඩවි සහකාර එස්.ඒ වික්‍රමරත්න මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මීට දින කිහිපයකට සිට එම ව්න සංහාරය සිදුකර ඇති අතර ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව වික්‍රමරත්න මහතා කීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා ජල ගැලීම් ජාතික වනෝද්‍යානයේ පේරක කලාපයේ අක්කර 25 කට පමන වැඩි ප්‍රමාණයක් එහි තිබෙන වටිනා ශාක, පඳුරු, විනාශ කර ඇති අතර එය කුමක් අරමුණු කරගෙන විනාශ කරන්නට ඇද්ද යන්න මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළහ.
විනාශ කර ඇති ප්‍රදේශය වන අලින් මෙන්ම වන සතුන් බහුල වශයෙන් සැරිසරන ප්‍රදේශයක් බවද වනජීවී නිලධාරීන් සඳහන් කරති. ප්‍රදේශයේ විහාරස්ථානයට ලබාදුන් ඉඩම් ලෙස පවසා මෙම සැකකරුවන් එම රක්ෂිත ප්‍රදේශ විනාශ කර ඇති අතර, එම රක්ෂිත විනාශ කිරීමට හෝ කැළෑ හෙළි පෙහෙළි කිරීම්ට කිසිදු ලියකියවිල්ලක්, අවසරයක් ඔවුන් සතුව නොමැති වූ බවද වනජීවී නිලධාරීන් සඳහන් කරයි.