මේ වන විට අළුත් වැඩියාව සඳහා සම්පූර්ණයෙන් වසා ඇති උතුරු දුම්රිය මාර්ගයේ මහව සන්ධිය හා අනුරාධපුර අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු පවත්නා තත්වයන් යටතේ පොසොන් පොහොයට පෙර නිම කිරීමට නොහැකි බැවින් මෙවර පොසොන් සමයේ අනුරාධපුරයට හා මිහින්තලයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ලංගම බස්රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.ඔහු මින් පෙර පවසා සිටියේ උතුරු දුම්රිය මාර්ගයේ මහව සන්ධිය හා අනුරාධපුර අතර කොටස ලබන පොසොන් පොහොය වන විට නැවත විවෘත කිරීමට සියළු කටයුතු සම්පාදනය කොට ඇති බවකි.