පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවනට නොමිලේ දුම්රියෙන් යාමට අවස්ථාව සලසා තිබේ.ඒ වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර – මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බැවිනි. එහි දුම්රිය ධාවන කටයුතු ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසයි.නමුත් මේ වනවිටත් උතුරු දුම්රිය මාර්ගයේ මහව සන්ධිය සහ අනුරාධපුර අතර කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝ දුරට අවසන් කර ඇති මුත් එහි දුම්රිය ධාවන කටයුතු ඇරඹීම සඳහා තව මාස කිහිපයක් ගත වනු ඇතැයි දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.