පොහොට්ටු අපේක්ෂක කසිප්පු බෝතල් 50 ක් සමඟ අත්අඩංගුවේ

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණෙන් හලාවත ප්‍රාදේශීය සභාවට තරඟ කරන අපේක්ෂකයකු කසිප්පු බෝතල් 50ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී මාදම්පේ උඩවෙල ප්‍රදේශයේදී පෙරේදා 12වැනිදා මාදම්පේ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මාදම්පේ පොලිස් ස්ථානයේ දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත උඩලවෙල ප්‍රදේශයේ මාර්ග බාධකයක් යොදා වැටලීමක් සිදුකර කසිප්පු තොගය ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන මෙම අපේක්ෂකයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මොහු මෙම කසිප්පු බෝතල් තොගය මාදම්පේ සිට ගල්මුරුව ප්‍රදේශයේ අයෙකුට විකිණීම සඳහා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බවට තොරතුරු පරීක්ෂණවලින් හෙළි වී තිබේ.මොහු කාලයක් තිස්සේ සිට කසිප්පු ජාවාරමේ නිරතව සිටි අයකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරු මාදම්පේ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි

කාලීන පුවත්