පොහොර,ඉන්ධන නැතත් වගා බිම් වලට ජලය

ඉදිරි යල කන්නයේ වගා කටයුතු සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර තබා කෘෂිකාර්මික මෙවලම් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් වත් රජය ක්‍රියාවට නොමැති පසුබිමක සියලුම මහා වාරි ව්‍යාපාරවල මෙවර යළ කන්නය සඳහා ජලය නිකුත් කොට තිබීම රජයේ තවත් නිරර්ථක ක්‍රියාවකැයි ගොවීහු කියති. වාරි ජලාශ ආශ්‍රිතව මේ වන විට සියයට 72 ක ජල ධාරිතාවක් පවතී. එමගින් අපේක්ෂිත සියයට 80 ක වගා වපසරිය වගා කිරීමට හැකියාව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ(ජල කළමණාකරණ ) ඩී. අබේසිරිවර්ධන මහතා කියයි. ඉදිරි මෝසම් වැසි ආරම්භ වීමට පෙර වගා කටයුතුවල නිරතවී හානි අවම කරගැනිමට කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කාලීන පුවත්