පොළොස් මිලත් ඉහළට

එළවළු මිල ඉහළ යත්ම පොළොස් ගෙඩියක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පොළොස් ගෙඩියක් ඊයේ (29) අලෙවි කෙරුණේ රුපියල් 200 කටය. මේ අතර, කැරට් ඇතුළු එළවළු මිල ගණන්ද ඊයේ දිනයේදී යළි ඉහළ ගොස් තිබිණි.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 1580 ක් දක්වාද මිරිස් කිලෝවක මිල රුපියල් 1000 ත් 1100 ත් දක්වාද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1150 ත් අතර මිලක් දක්වාද, බෝංචි කිලෝව රුපියල් 600 ත් 900 ත් අතර මිලක් දක්වාත් වැඩිවී තිබිණි. විදේශීය රටවලින් ගෙන්වන ලද ලොකු ලූනු සහ අර්තාපල් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන පැවසීය.

කාලීන පුවත්