පෞද්ගලික අංශයේ වැඩිවෙන වැටුප්

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම මාසික වැටුප හා අවම දෛනික වැටුප ඉහළ නැන්වීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රජය පවසන්නේ අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 17,500 සිට රුපියල් 27,000 දක්වා රුපියල් 9,500 කින් පෞද්ගලික අංශ සේවකයින්ගේ අවම මාසික වැටුප ඉහළ නංවා ඇති බවයි.

අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ සේවකයින්ගේ අවම දෛනික වැටුප ඉහළනන්වා ඇත්තේ රුපියල් 380 කින්. ඒ අනුව ඔවුන්ගේ දෛනික අවම වැටුප රුපියල් 700 සිට රුපියල් 1,080 දක්වා වැඩි වනු ඇති.

ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 27,000 සිට රුපියල් 30,000 දක්වා රුපියල් 3000 කින් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික අවම වැටුප ඉහළ නැන්වීමටද නියමිතයි.

ලබන ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ දෛනික අවම වැටුපද රුපියල් 1,080 සිට රුපියල් 1,200 දක්වා රුපියල් 120 කින් ඉහළ නැන්විමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කාලීන පුවත්