පෞද්ගලික බස් වලට ඩීසල් වෙනුවට භූමි තෙල්

පෞද්ගලික බස් වලට ඩීසල් වෙනුවට භූමි තෙල් වර්තමානයේ පවත්නා ඉන්ධන අර්බුදය මත ඇතැම් පෞද්ගලික බස් රථ ඩීසල් වලට භූමිතෙල් මුසු කොට ධාවනය කිරීමට ඇතැම් රියැදුරන් පෙළඹී ඇති බවක් වාර්තා වෙයි.ලංකා අයිඕසී සමාගමේ පිරවුම් හල් වල ඉන්ධන මිල පසුගිය දා නැවතත් ඉහළ යාම මුල් කොට ද ඔවුන් මෙම ක්‍රියාවට පෙළඹී ඇතැයි කියනු ලැබේ.මෙම ඩීසල් වලට භූමිතෙල් මුසු කොට ධාවනය බස් රථ කරවීමෙන් ඉන්ධන සඳහා වැය වන මුදලින් 10%-20% අතර ප්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බව ඔවුන් පවසතත් එසේ කිරීම තුළින් බස් රථ වල එන්ජින් ඉක්මනින් අබලන් වීම හා පරිසරයේ වායු දූෂණය ඉහළ යාම වැනි අහිතකර ප්‍රතිවිපාක බහුල වීම මත එය කෙසේවත් සාධනීය පියවරක් නොවන බව පොදු මතයයි.පෞද්ගලික බස් රථ රියැදුරන් ගේ මෙම ක්‍රියාව පිළිබඳව පසුගිය 28 වනදා පැවැති කැබිනට් රැස්වීමේ දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා ද ප්‍රකාශ කොට තිබේ.

කාලීන පුවත්