පෞද්ගලික බස් වලින් 50%ක් හෙට සිට ඉවතට

දැනට පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් හෙට(28) සිට පෞද්ගලික බස් ගමන් වාර සීමා කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඒ අනුව මගී ජනතාවට වඩාත් අත්‍යවශ්‍ය වේලාවන් සඳහා ප්‍රමුඛතාව හිමි වන පරිදි කාල සටහන් යාවත් කාලීන සකස් කිරීමට දැනටමත් බස් රථ ධාවන නියාමන ආයතන වලට දැනුම් දී ඇති බව ඒ මහතා පවසයි.සභාපති වරයා වැඩිදුරටත් පවසන්නේ දැනට ගෙන ඇති තීරණය අනුව 50%ක පමණ පෞද්ගලික බස් රථ වලින් 50%ක පමණ හෙට ධාවනයෙන් ඉවත් වන බවයි.

කාලීන පුවත්