පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට කැබිනට් අනුමැතිය

මෙරට දැනට ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල ප්‍රමිතීන්ට අනුකූලව මෙරට තුළ අලුතින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමි වී ඇති බව සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.දැනට ක්‍රියාත්මක විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨවල අධ්‍යයන කටයුතු සිදුවන හෝ ඊට එහා ගිය ප්‍රමිතියකින් එම අධ්‍යයන කටයුතු පවත්වාගෙන යා යුතු බවට නීති පනවා ඇති බව ද කී අමාත්‍යවරයා එම වෛද්‍ය විද්‍යාල සඳහා ශික්ෂණ රෝහල් තුනක් ඇතුලත් කර තිබෙන බවත් සඳහන් කරන අමාත්‍යවරයා දැනට මෙරට වෛද්‍ය පීඨ 13 සඳහා සිසුන් බඳවා ගන්නේ 2000ක පමණ පිරිසක් පමණක් බවත් එය ජාතික අවශ්‍යතාව සපුරාලීමට කෙසේ වත් ප්‍රමාණවත් නොවන බවත් පවසයි.

කාලීන පුවත්