දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන්ගේ 125 වන ජන්ම දින සැමරුම් උත්සවය අද(08) ගාලු මුවදොර දී පැවැත්වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනුයේ පෙරවරු 8.30 ට බණ්ඩාරනායක පිළිරුව අභියසදී එම සැමරුම් උත්සවය ආරම්භ වන බවය.1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කොට ශ්‍රී ලංකාවට නිදහස ලබා ගැනීමේ උත්සාහයට සහය වී 1951 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කරමින් නව දේශපාලන ගමනකට මුල පිරීය.ඒ අනුව1956 වසරේ දී අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 57 වන වියේ දී 1956 වසරේදී චීවරධාරියකු ගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය.