පසුගිය මහ කන්නයේදී රජයට අයත් පොහොර සමාගම් මඟින් රුපියල් 19500ක් බැගින් වූ මිලකට අලෙවි කරනු ලැබූ කිලෝග්‍රෑම් 50ක බණ්ඩි පොහොර මිටියක් රුපියල් 4500කින් අඩු කිරීමට මිල කමිටුවේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.ඒ අනුව කිලෝග්‍රෑම් 50කින් සමන්විත බන්ඩි පොහොර මිටියක නව මිල රුපියල් 15000 ක් වනු ඇත.එමෙන්ම පුද්ගලික අංශය විසින් මෙම බන්ඩි පොහොර මිටියක් රුපියල් 22500ක් බැගින් අලෙවි කරනු ලැබිණි.