බදාදා සිට බස් ගාස්තු 15%-20%ත් අතර ප්‍රමාණයකින් වැඩි වනු ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
බස් ගාස්තු ඉහළ දමන්නැයි කරන ලද ඉල්ලීම් සලකා බලා දින හතරක් තුළ මිල සූත්‍රයක් සකස් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ .
බොහෝ විට අවම බස් ගාස්තුව රුපියල් විස්සක් පමණ වනු ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා අනුමාන කළේය.
ඒ අනුව ලබන බදාදා වන විට බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ද හෙතෙම සඳහන් කළේය.
නමුත් රාජ්‍ය ඇමති වරයා පසුගිය දිනයෙක ප්‍රකාශ කොට සිටියේ රටේ පවතින වත්මන් තත්වය යටතේ දැනට බස් හෝ දුම්රිය ගාස්තු වැඩි වීමක් සිදු නොවන බවය.