බලංගොඩ, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි පිහිටි බඹරගල කන්ද ඓතිහාසික වටිනාකමකින් යුතු සුන්දර වනාන්තර ප්රදේශයකි. අනුරාධපුර යුගයේ සිට ම ආරණ්‍යයක් වශයෙන් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි හමුවන මෙම ප්‍රදේශයෙන් පැරණි සෙල්ලිපි සහිත ලෙන් 6 ක් සහ කටාරම් කෙටූ ගල්ලෙන් 13 ක් හමුවී තිබේ. සමහර සෙල්ලිපි වසර 2300 කට වඩා පැරණි බව පුරාවිද්‍යා පර්යේෂණ මගින් හෙළි වී ඇත. අක්කර 800ක් පමණ වුණු වනාන්තරයක් සහිත මෙම කඳු ප්‍රදේශයේ අදටත් ආරණ්‍ය සේනාසනයක් පවතී. මෙහි පර්වත සහ ලෙන්වල විශාල වශයෙන් බඹර වද බැඳ තිබීම නිසා මෙම කන්දට බඹරගල යන නම පටබැඳුණු බව ගැමියෝ පවසති.
පර්චස් 46 කට වඩා වැඩි නොවුණු ඔවුන්ගේ ඉඩමෙහි ඔවුන් නොකරන දෙයක් නැත. විවිධ එළවළු, අල වර්ග සහ මල් වර්ගවලින් එම ගෙවත්ත පිරී පවතී. ලෑලිවලින් උසට සෑදූ වඩාත් ඉඩකඩ ඇති ගෙයක එළු පවුලක් සහ ඒ යුවළගේ පැටවුන් දෙදෙනා ජීවත් වෙයි. ඊට ටිකක් එහාට වෙන්නට ආරක්ෂාකාරී ලෙස කොටු කර ඇති තරමක් ලොකු බිම් තීරුවක කුකුළු කිකිළියන් ය.


මෙම කන්ද පාමුල පිහිටි ගම ද බඹරගල ය. වලවේ ගඟෙහි අතු ගංගාවක් වන කුඩා ඔය ගලා බසින්නේ ද මෙම කන්ද පාමුලිනි. පැල්මඩුල්ල – ඇඹිලිපිටිය පාරේ පැමිණ පල්ලෙබැද්දෙන් ගල්පාය මාර්ගයේ ගිය විට බඹරගල හමුවෙයි.
මෙහි වාසය කරන්නේ වැඩිපුරම ගොවිතැන ජීවනෝපාය කරගත් ජනතාවයි. එයින් ද කාබනික ගොවිතැන විශේෂ ය.ගොවිතැන සහ මී මැසි පාලනය සාර්ථක ලෙස කරගෙන යන යුවළක් මෙහිදී අපට හමුවිය. ඒ තරංග ජයවර්ධන සහ රේණුකා මල්කාන්ති ය.
පර්චස් 46 කට වඩා වැඩි නොවුණු ඔවුන්ගේ ඉඩමෙහි ඔවුන් නොකරන දෙයක් නැත. විවිධ එළවළු, අල වර්ග සහ මල් වර්ගවලින් එම ගෙවත්ත පිරී පවතී. ලෑලිවලින් උසට සෑදූ වඩාත් ඉඩකඩ ඇති ගෙයක එළු පවුලක් සහ ඒ යුවළගේ පැටවුන් දෙදෙනා ජීවත් වෙයි. ඊට ටිකක් එහාට වෙන්නට ආරක්ෂාකාරී ලෙස කොටු කර ඇති තරමක් ලොකු බිම් තීරුවක කුකුළු කිකිළියන් ය.
ඔවුන් තවදුරටත් සාර්ථකව කරගෙන යන ව්‍යාපාරයක් වන්නේ මී මැසි පාලනයයි. කැලෑවට ගොස් මීවද සොයා ඒවා කඩාගෙන පෙට්ටිවල තැන්පත් කර ගැනීම ලේසි පහසු කාර්යයක් නොවේ. පොල් මුඩු ආශ්රිත දුමක් ප්‍රවේශමෙන් තුන් වරක් ස්පේ කර මී මැස්සන් වෙන තැනකට යවා වදය බැඳ ඇති ආකාරයෙන්ම කුටි එකින් එක වෙන් කරගෙන ඉන්පසු ඒ අයුරින්ම පෙට්ටියේ බැඳිය යුතුය. ඉන්පසු රැජින ව අල්ලා පෙට්ටියේ දැමූ විට පිරිමි මැස්සන් සහ මැස්සියෝ පෙට්ටියට ටිකෙන් ටික එකතු වෙති.
මේ මී මැස්සන්ගේ වර්ධක කාලයයි. රැජින විශාල වශයෙන් බිත්තර දමන අතර ඔවුන් මී වදය සීග්‍රයෙන් බඳින්නට පටන් ගනී. වදයක පිරිමි මැස්සන්ට වඩා සිටින්නේ ගැහැනු මැස්සන් ය. වැඩකාර මැස්සියන් ලෙස හඳුන්වන ඔවුහු වදයට පැණි සොයා ගෙන ඒම ඇතුළු සියලු කාර්යයන් සිදුකරති. මී මැසි පාලනය පිළිබඳව තරංග වෙනම පුහුණු වී ඇත. දැනට ඔවුන්ගේ ගෙවත්තෙහි මී මැසි පෙට්ටි හතළිහ ඉක්මවූ සංඛ්‍යාවක් තිබේ. කොට්ඨාශ මට්ටමින් සහ ජාතික මට්ටමින් පවත්වනු ලබන ජාතික බිඟු සම්මාන උළෙලට ඉදිරිපත් වීම ඔවුන්ගේ අභිප්‍රායයි.
වගා කටයුතුවලට වැඩි දායකත්වයක් ලැබෙන්නේ රේණුකාගෙනි. ඔවුන් සියයට සියයක්ම කරන්නේ කාබනික ගෙවතු වගාවයි. මුළු ගෙවත්තේම වගාවන්ට කාබනික පොහොර සකස් කර ගැනීම සඳහා විශාල පොහොර වලක් ඔවුන් විසින් ම සකසා ගෙන තිබේ. එම පොහොර පසට මිශ්‍ර කර බීජ සිටවූ කල ඉතා හොඳින් ඒවා වැඩේ. වගාවන්ට පළිබෝධ නාශකයක් ලෙසත්, පොහොරක් ලෙසත් යොදන්නේ ගෙවත්තේ ඔවුන් විසින්ම සාදා ගත් ගැඩවිලි දියර පොහොරයි. මෙය ගැඩවිල්ලන් ඇති දැඩි කරමින් සකසා ගන්නා සාරවත් පොහොරකි. කාබනික වගාවේදී කිසිදු කෘමි සතෙකුගේවත් ජීවිතයට හානි කරන්නේ නැත. සියලු සතුන් මෙම පරිසරයේ කොටස්කාරයන් ලෙස සැලකෙන බැවිනි.

මෙලෙස ඔවුන් වගා කරන එළවළු සහ පලා වර්ග අතර ගම්බද ව වගා කරන නියං වැටකොළු, අවර, ආලංගා, පඳුරු මෑ, වඳුරු මෑ, දඹල,එලබටු, වම්බටු, තිබ්බටු ආදී එළවළු වර්ග රාශියක් සේම කැරට්, රාබු, ගෝවා, තක්කාලි, ලීක්ස් ආදී උඩරට එළවළු වර්ග රැසක් ද තිබේ. ඒ හැරුණු විට රාජාල, හිඟුරල, කිරි අල, රටල, බතල, මඤ්ඤොක්කා ආදී විවිධ අල වර්ග ද ඔවුන්ගේ ගෙවත්තෙහි වෙයි. බිම්මල් ගෘහයක් ද ඔවුන් සකසා ගෙන ඇත. රම්පෙ, කරපිංචා, සේර, කොත්තමල්ලි, මිංචි ආදී ස්වභාවික ආහාර රසකාරකත්, දෙහි, ඉඟුරු ආදියත්, කෝමාරිකා, පොල්පලා, පාවට්ටා, නික, සැවැන්දරා, කොත්තමල්ලි, ලුණුවිල ආදී වශයෙන් තවත් විවිධ වූ දේශීය ඖෂධ වර්ග රාශියකුත් සාර්ථක ලෙස එම ගොවිපලෙහි වැඩී පවතී.

කිසිදු ආකාරයකින් රසායනික පොහොර හෝ රසායනික පලිබෝධනාශක යොදා ගැනීමකින් තොරව කාබනික පොහොර සහ කෘමීන් පලවා හරින්නට ස්වභාවිකව සකසා ගත් කෘමී විකර්ෂක පමණක් යෙදීමෙන් සාරවත් අස්වැන්නක් නෙලා ගැනීමට මේ යුවළ සමත් ව සිටිති. නිදසුනක් ලෙස කැරට් වැනි අල වර්ගයක එක් අලයක් ග්‍රෑම් හාරසියයටත් වැඩි බරකින් යුතුව සාරවත් ලෙස කාබනික පොහොර මගින් තම ගෙවත්තෙහි නිපදවා ගන්නට ඔවුන්ට හැකි වී ඇත. ව්‍යංජනවලට එකතු කරන රතුලූනු, ලොකු ලූනු සහ සුදුලූනු ද මෙම ගෙවත්තෙහි ම ඔවුහු සකසා ගනිති. වෙළඳ පොළෙන් මිලදී ගන්නේ සහල්, මස්, මාළු, කරවල වැනි දෑත්, වගා කර ගත නොහැකි දෑත් පමණි.
හදිසියේ කෙනෙකු අසනීප වුවහොත් දෙවියන්ගේම පිහිට ය. කොතෙක් පස් සහ ගල් ආදිය දමා මෙම පාර සකස් කළත් වැසි කාලයට එය සෝදාගෙන යාම වළක්වා ගත නොහැකි වී තිබේ. මීට ඇති එකම විසඳුම මෙම පාර කොන්ක්‍රීට් හෝ තාර දමා සකස් කිරීමයි. එය ප්‍රාදේශීය සභාව මගින් සිදු කළ යුත්තකි. තමාට එවැනි පිළිසරණක් ප්‍රාදේශීය සභාව මගින් ලැබෙන තෙක් ඔවුහු බලාපොරොත්තු සහගතව බලා සිටිති.

මේ යුවළගේ ජීවිකාව ගොවිතැනයි. ඔවුනට දරු දෙදෙනෙක් ද සිටිති. මේ වසම ඇතුළු වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ගොවි පවුල් රාශියකට කාබනික වගාව සඳහා නොමිලේ නොමුහුන් බීජ ලබාදෙමින්, උපදෙස් සහ දැනුමද ලබා දෙමින් විශාල සහයෝගයක් ලංකා කාබනික කෘෂිකාර්මික ව්‍යාපාරය මගින් ලබා දෙන නිසා එය තමාට විශාල ශක්තියක් වී ඇති බව ඔවුහු පවසති.
මේ කතා කළේ බඹරගල වෙසෙන එක් පවුලක් ගැන ය. ඔවුන්ගේ ඉඩම ආසන්නයේ වෙසෙන තවත් පවුල් දහතුනක පමණ ප්‍රමාණයක් අතිශයින් පීඩාකාරී තත්ත්වයකට පත්වී සිටින තවත් විශේෂ දෙයක් වන්නේ ඔවුන්ගේ නිවෙස්වලට වැටී තිබෙන පොදු පාරයි. මෙම ගුරු පාර මේ වන විට පාරක් නොව ගැඹුරු පළල් කානුවකි. වැසි දිනවලට බඹරගල කන්දේ සිට පහළට ගලා එන සැඩ වතුර පාර මොනතරම් වේගවත් ව කුඩා ඔය දෙසට ගලාගෙන යන්නේ දැයි කිවහොත් එම පාර ගැඹුරු කාණුවක් බවට පත්ව තිබේ. අඩුම තරමින් එහි කෙනෙකුට පාපැදියකින් තබා දෙපයින් ඇවිද යාමටවත් නොහැකිය. කාණුව දෙපැත්තෙන් ප්‍රවේශමෙන් අඩිය තබා ඒ යන ගමන ශරීර ශක්තිය ඇති අයකුට මිස රෝගියෙකුට හෝ මහලු අයෙකුට යා නොහැකි වූවකි. හදිසියේ කෙනෙකු අසනීප වුවහොත් දෙවියන්ගේම පිහිට ය. කොතෙක් පස් සහ ගල් ආදිය දමා මෙම පාර සකස් කළත් වැසි කාලයට එය සෝදාගෙන යාම වළක්වා ගත නොහැකි වී තිබේ. මීට ඇති එකම විසඳුම මෙම පාර කොන්ක්‍රීට් හෝ තාර දමා සකස් කිරීමයි. එය ප්‍රාදේශීය සභාව මගින් සිදු කළ යුත්තකි. තමාට එවැනි පිළිසරණක් ප්‍රාදේශීය සභාව මගින් ලැබෙන තෙක් ඔවුහු බලාපොරොත්තු සහගතව බලා සිටිති.




ජායාරූප සහ අනුග්‍රහය ලබා දුන් LOAM ආයතනයට ස්තුතියි.
ඉන්දු පෙරේරා