අප රටේ ධාවනය වන ඇතැම් ශීඝ්‍රගාමී දුම්රියන් උඩරට මැණිකේ, රුහුණු කුමාරි, යාල් දේවි, මුතු කුමාරි, රජරට රැජින ආදී වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්ම නාමකරණයට ලක් කොට තිබේ. ඊට අමතරව එසේ නම් නොමැති දුම්රිය “ඉන්ටසිටිය””ඔඩෙසිය” ෆවුසිය” “කැන්ඩිය”ආදී වශයෙන් ජනතාව අතර හැඳින්වෙන බව ද අපි දනිමු. එහෙත්, අප රටේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පමණක් ධාවනය කෙරෙමින් පැරණි හත්කෝරලයේ ගම්බද ජනතාවට නිතිපතා අති මහත් සේවාවක් ඉටු කරන එවන් විශේෂිත නමකින් හැඳින්වෙන ප්‍රාදේශීය දුම්රියක් තිබේ. එනම් එම කලාපයේ දුම්රිය කාර්ය මණ්ඩලය සේම නිතර එම දුම්රියෙන් ගමන් ගන්නා මගීන් විසින් ‘බේබිය’ යන සුරතල් නමින් හැඳින්වෙන දුම්රියයි.
ගම්බද සේවය සඳහා නිරතුරුව කැපවී සිටියද Baby වැනි ඉංගිරිසි වදනක් මුල් කොට මෙයට නම ලැබී ඇත්තේ එම ධාවන කලාපයේ ධාවනය වන සෙසු දුම්රිය වලට
සාපේක්‍ෂව එය කුඩා මෙහෙවරක් ඉටු කරන නිසා විය හැක. නමුත් මෙම බේබි ට්‍රේන් ( Baby train ) යන්න නාගරික ජන ශ්‍රැතියක් ලෙස එංගලන්තය, ඕස්ටේලියාව ආදී රටවල ද ප්‍රචලිත වූවකි.
ක්‍රිස්ටෝපර් මොරලේ විසින් 1939 රචනා කළ Kitty Foyle නම් ජනප්‍රිය නවකතාවේ ද සඳහන් වන මෙම ජනශ්‍රැතියෙන් පැවසෙන අන්දමට රාත්‍රී කාලය තුළ මහ හඬ නංවමින් දිව යන භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් නිසා ඒ අවට ජනාවාස වල අඹු සැමියන් නින්දෙන් පිබිදීමත් එය මුල් කොට එම දුම්රිය මාර්ගය දෙපස දරු උපත් ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාමත් මුල් කොට ඒ දුම්රියට ඉහත සඳහන් නම ලැබී තිබේ. එහෙත්, අද අපගේ විමසුමට ලක් වන ‘බේබිය’එවන් සරදමකට ලක් වන්නක් නොවේ. මක් නිසා ද මහව හන්දිය සහ කුරුණෑගල අතර දිනපතා ධාවන වාර තුනක් සහ කුරුණෑගල සහ මහව අතර දිනපතා ධාවන වාර තුනක් යෙදී තිබුණත් එය ඉහත සඳහන් ජනශ්‍රැතියේ එන ප්‍රජනන කාර්ය කාල පරාසයට අයත් නොවන බැවිනි.
කිලෝ මීටර් එක් දහස් පන්සියයකටත් මඳක් වැඩි මාර්ග ජාලයකින් හා තුන්සිය විස්සක් පමණ වන දුම්රිය ස්ථානවලින්ද ඉතා සුළු කොටසක් තුළ එහා මෙහා සැරිසරන ‘බේබිය’ සම්බන්ධයෙන් මා මෙවන් අනාවරණයක් කිරීම බොහෝ දෙනකුගේ කුතුහලයට හේතු විය හැක. එහෙත්, වසර ගණනාවක් තිස්සේ මේ බේබියේ ගමන් බිමන් යමින් ඒ සම්බන්ධ සුවිශේෂ ආවේණිකතා කෙරෙහි විමසුම් කොට ඇති මට එහි ඇති විශේෂතා ගණනාවක් වරින් වර ගොනු කර ගත හැකි විය. ඒවායින් කොටසක් මුල් කොට මීට පෙර ද ඉරිදා පුවත්පත් විශේෂාංගයක් සපයා ඇති මා හට බේබියේ ගුණ කීමට එය ප්‍රමාණවත් නොවන බව හැඟී ගිය නිසා යළි මෙවැන්නක් ලිවීමට සිත් විය.
ඉහත සඳහන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සහ දුම්රිය මගීන් විසින් නම් යොදන ලද දුම්රිය ඇතුළු සෙසු දුම්රිය වල අප සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් මගීහු ගමන් කරති. එහෙත්,මහව දෙස සිට පෙරවරුවේ කුරුණෑගලට එන කාර්යාල සේවකයන් පාසල් වල ගුරු වරුන් හා සිසු දරුවන් හැරුණු කොට මෙම ‘බේබියේ’ ගමන් කරන්නවුන් ගෙන් වැඩි දෙනෙක් පැරණි හත්කෝරලයට අයත් ගැමියන් බවට නිසැක ලෙසම කිව හැක. ඒ මා බේබියේ ගමන් කරන අතරේ ඇඳුම් පැළඳුම් කතාබහ විචාරන විධි ආචාර විචාර ආදියෙන් ඔවුන් ගේ සුන්දර ගැමි බව මා හට මනාව පසක් වී ඇති බැවිනි. සැබැවින්ම එය සමාජ විවිධත්වය පිළිබඳ උනන්දු වන්නකුට ලැබෙන මාහැඟි අවස්ථාවකි.
වී ගොවිතැන ඇතුළු ගොවිතැන් බත් කිරීම් එහි දී ඔවුනට අත්විඳීමට සිදුවන කාලගුණික ඇතුළු නොයෙකුත් බාධක අවහිරතා විවිධාකාරයේ ණය ගැනීම්, සෞඛ්‍ය අර්බුද ආදිය පිළිබඳව ‘බේබියේ’ ගමන් ගන්නා මගීන් අතරේ සිදුවන කතා බහ අතුරින් ප්‍රධාන තැනක් ගනී.
ඒ සඳහා එම මාර්ගයේ ගමන් කරන සෙසු දුම්රිය එම ගම් දනව් පසු කොට ඉගිල යන අතරේ බේබිය එම ගම් දනව්වල මහ පොළොව ස්පර්ශ වන සේ ගමන් කිරීම ද හේතු
වන බව මගේ වැටහීම ය.
කුරුණෑගල සහ මහව අතර බේබිය නතර කරන ප්‍රධාන දුම්රිය පලවල් සහ දුම්රිය නැවතුම් පලවල් පිළිවෙලින් මෙසේ ය: මුත්තෙට්ටුගල, මරළුවාව, මැද්දේගම, තුරුලියගම, හදිරවලාන, වැල්ලව, පහල වරද්දන, පෝරපොල ,පෝරපොල හන්දිය, පින්නගොල්ල, දැවැද්ද, නෙළුම්පත්ගම,ගණේවත්ත, තඹගල්ල, උඳුගොඩගම, උයන්ගල්ල, හිරියාල, වේරගල, ඇඳගල,මිරිහන්පිටිගම, නාගොල්ලාගම, කුරහන්හේනේගම, තිඹිරියාගෙදර, වලස්වැව, මහව හන්දිය
මේ අතුරින් වැල්ලව, ගණේවත්ත සහ නාගොල්ලාගම ප්‍රධාන දුම්රිය ස්ථාන වන අතර මුත්තෙට්ටුගල, හිරියාල සහ තිඹිරියාගෙදර උප දුම්රිය ස්ථාන වේ.එකක් දෙකක් හැරුණු කොට සෙසු සියල්ල පාහේ පස් ගොඩැල්ලක් බඳු කෙටි වේදිකාවකට පමණක් සීමා වන දුම්රිය නැවතුම් පලවල් වේ.
කුරුණෑගල සහ මහව හන්දිය අතර ඇති දුර ප්‍රමාණය කිලෝ මීටර් 43.32 කි. එම දුර පසු කිරීමට බේබියට ගත වන කාලය පැයයි විනාඩි පනහක් වේ. නමුත් කුරුණෑගල,මහව අතර ගමන් කිරීම පිණිස ශ්‍රීඝ්‍රගාමී දුම්රියකට ගත වනුයේ විනාඩි පනහක් සහ පැයක් අතර කාලයක් පමණි. බේබියේ මැදිරි තුනම තුන් වන පන්තියේ වන අතර කුරුණාගල සිට මහව හන්දිය තෙක් ගමන් ගාස්තුව රුපියල් එකසිය විස්සකි.
අප රටේ දුම්රිය සඳහාම ටිකට් පත් ලබා ගත යුත්තේ ප්‍රධාන හෝ උප දුම්රිය ස්ථාන වලිනි. එහෙත්, බේබිය ඇතුළු ප්‍රාදේශීය දුම්රිය වල නියාමක මැදිරියේ ඒ සඳහා කැප වී හිඳින උප නියාමක මහතකු ගෙන් ද දුම්රියට නැගීමෙන් පසු ටිකට් ලබා ගත හැක.
අප රටේ දුම්රිය සඳහාම ටිකට් පත් ලබා ගත යුත්තේ ප්‍රධාන හෝ උප දුම්රිය ස්ථාන වලිනි. එහෙත්, බේබිය ඇතුළු ප්‍රාදේශීය දුම්රිය වල නියාමක මැදිරියේ ඒ සඳහා කැප වී හිඳින උප නියාමක මහතකු ගෙන් ද දුම්රියට නැගීමෙන් පසු ටිකට් ලබා ගත හැක. ඒ දුම්රිය පල වලින් ප්‍රධාන සහ උප දුම්රිය ස්ථානවලට මිස ඉහත සඳහන් දුම්රිය නැවතුම් පලවල් සඳහා ටිකට් පත් නිකුත් නොකරන බැවිනි. නිදසුනක් ලෙස කුරුණෑගලින් බේබියට නැගීමට සැරසෙන අයකුට එම මාර්ගයේ ඉදිරි දුම්රිය නැවතුමක නම සඳහන් කොට “මට දෑවැද්දට ටිකට් එකක් දෙන්න” යැයි ටිකට් ඉල්ලා සිටිය නොහැක. ඔහු හෝ ඇය ඒ වෙනුවට කළ යුත්තේ දුම්රිය ස්ථානයේ නතර කොට ඇති බේබියට නැඟ එහි නියාමක මැදිරියේ හිඳින උප නියාමක මහතාට තමන් බැසීමට නියමිත දුම්රිය නැවතුම හෝ දුම්රිය ස්ථානය පිළිබඳව පවසා ඊට නියමිත ටිකට් පත් මිල දීගැනීම පමණි. එහෙත් එවිට ලැබෙනුයේ ද සී,ජී.ආර් රේල් මෝටර් (C.G.R Rail motor ) යනුවෙන් සඳහන් කළ අමුතුම මාදිලියේ ටිකට්ටුවකි.රේල් මෝටර් යනු බිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක සැහැල්ලු දුම්රිය ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් යෙදෙන වදනකි.
මෙහි දී කිසියම් දුම්රිය ස්ථානයකින් හෝ දුම්රිය නැවතුමකින් බේබියට නඟින කිසිවකුට හෝ නියාමක මැදිරියෙන් රේල් මෝටර් ටිකට්ටුවක් නොගෙන වෙනත් දුම්රිය නැවතුමක් වෙත හොරෙන් ගමන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද මම මෙවර විමසා බැලීමි.(නමුත් මා එසේ ගමන් නොගත් බව ද විශේෂයෙන් කිව යුතු ය.)
එවැනි කිසිවකු එවන් උත්සාහයක යෙදුණ ද අප තරුණ කාලයේ “ටික්කන්” හා “බාප්පලා” යනුවෙන් හැඳින් වූ දුම්රිය ටිකට් පරීක්ෂක මහතුන් අතරමඟ දී මෙම බේබියට නැගීමට ඇත්තේ ඉතා සුළු ඉඩකි. නමුත් ඇතැම් විට රේල් මෝටර් ටිකට් නිකුත් කරන උප නියාමක මහතා මැදිරියෙන් මැදිරියට යමින් බස් කොන්දොස්තර මහතකු මෙන් “බහින්නේ කොහෙන්ද?ටිකට් ගත්තාද?” ආදී වශයෙන් ඔබෙන් විමසීමට පුළුවන.
එම දුම්රියට නැඟීමට නැවතුම්පල වේදිකාවේ ද දුම්රියට නැඟීමට කිසිවකු පෙනෙන්නට නොසිටිය හොත් වරක් නලාව යන්තමට නාදකොට එහි ප්‍රධාන නියාමක මහතාට “ඔන්න එහෙනම් අපි යනවා”යන සංඥාව දී එහි දුම්රිය නතර නොකර ධාවනය කිරීමට ඇතැම් දුම්රිය රියැදුරු මහත්වරු පෙළඹෙති. ඒ අනුව බේබියේ රේල් මෝටර් ටිකක් පතක් නොමැතිව ගමන් කොට එවන් දුම්රිය නැවතුමකින් බැසීමට අපේක්‍ෂා කරන්නකු වේ නම් එවන් අවස්ථාවක කළ යුතු වන්නේ පැයට කිලෝ මීටර් හතලිහක පනහක වේගයෙන් ඒ දුම්රිය වේදිකාව පසු කරන බේබියෙන් ඒ වේදිකාව මතට පැන හතර හන්දි බිඳ මූණ කට සමතලා කර ගැනීම පමණි.
ඒ අනුව කුරුණෑගල මහව සන්ධිය හෝ මහව සන්ධිය කුරුණෑගල අතර ඇති දුම්රිය නැවතුම් පළවල බසින මගීන් ගේ සංඛ්‍යාව ඒ සඳහා ටිකට් නිකුත් කරන උප නියාමක මහතා දනියි. එබැවින් කිසියම් දුම්රිය නැවතුම් පලක කිසිවකුත් බැසීමට නොමැති නම් ඒ දුම්රිය නැවතුම ළංවත්ම ‘කවුරුත් බහින්න නෑ’ යන නොනිල දුරකථන සංඥාවක් එහි රියැදුරු මහතාට ලබා දීමට ඇතැම් උප නියාමක මහත්වරු පෙළඹී සිටිති. එමෙන්ම එම දුම්රියට නැඟීමට නැවතුම්පල වේදිකාවේ ද දුම්රියට නැඟීමට කිසිවකු පෙනෙන්නට නොසිටිය හොත් වරක් නලාව යන්තමට නාදකොට එහි ප්‍රධාන නියාමක මහතාට “ඔන්න එහෙනම් අපි යනවා”යන සංඥාව දී එහි දුම්රිය නතර නොකර ධාවනය කිරීමට ඇතැම් දුම්රිය රියැදුරු මහත්වරු පෙළඹෙති. ඒ අනුව බේබියේ රේල් මෝටර් ටිකක් පතක් නොමැතිව ගමන් කොට එවන් දුම්රිය නැවතුමකින් බැසීමට අපේක්‍ෂා කරන්නකු වේ නම් එවන් අවස්ථාවක කළ යුතු වන්නේ පැයට කිලෝ මීටර් හතලිහක පනහක වේගයෙන් ඒ දුම්රිය වේදිකාව පසු කරන බේබියෙන් ඒ වේදිකාව මතට පැන හතර හන්දි බිඳ මූණ කට සමතලා කර ගැනීම පමණි.
සතියේ දින පහේම බේබිය මහව සන්ධිය හා කුරුණෑගල අතර ගමන් වාර තුන බැගින් ධාවනය කරනු ලැබේ. ඒ මහව හන්දියෙන් පෙ. ව. 5.10 පෙ.ව. 11.10 ප.ව. 5.05 සහ කුරුණෑගලින් පෙ.ව. 8.35 පුවත 2.00 සහ ප.ව. 7.00 වශයෙනි. ඒ අනුව මෙම බේබිය සෙසු දුම්රිය වලට වඩා වැඩි වාර ගාණයක් එම කාලය තුළ එහේ මෙහේ ගමන් කරනු මඟ දෙපස බොහෝ දෙනකුට දක්නට පුළුවන.
මට ඒ බව මනාව තහවුරු කර ගත හැකි වූයේ මා මෙවර බේබියෙන් ගමන් කරන විට මාවතගම ප්‍රදේශයේ පෙර පාසලක සිගිත්තන් හා ගුරු දෙගුරු පිරිසක් බේබියෙන් විනෝද ගමනක් යනු දක්නට ලැබුණු බැවිනි. ඒ අනුව බේබිය ද එක්තරා අන්දමක “ඔඩෙසිය”කි.මේ සියළු කරුණු පදනම්ව වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් සහිත හත් කෝරලයේ කෙත් වතු වැව් අමුණු සහ සදා හරිත තුරුලිය මද්දෙන් කිසිදු කඩිමුඩියක් නොමැතිව ගමන් කරන මෙම බේබි හා එක්ව යන ගමන ඔබේ ගත සිත සුවපත් කරවන්නක් බව මගේ වැටහීම ය.බේබියේ ඔබට දිගාසිරි!
කුරුණෑගල සහ මහව සන්ධිය අතර ඇති වැල්ලව සහ ගණේවත්ත යන දුම්රිය ස්ථානවල ඇතැම් දුර සේවා ශීඝ්‍රගාමී දුම්රිය නවත්වනු ලැබේ. එවිට ඒ සම්බන්ධයෙන්
දුම්රිය මගීන්, දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩල සේම තෙවන පාර්ශවයන් ද විශේෂ උනන්දුවක් දක්වති. ඒ එම දුම්රිය ස්ථානය අවට දිවි ගෙවන සුනඛ ප්‍රජාව ය. එම දුර සේවා ශීඝ්‍රගාමී දුම්රිය ඒ දුම්රිය ස්ථානවලට ළංවත්ම ඒ සුනඛ ප්‍රජාව ඒ දෙස විමසිලිමත් වනුයේ තමන්ට කෑමට යමක් ඒවායින් ඉවත දැමෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එහෙත්, මෙම බේබිය වැල්ලව සහ ගණේවත්ත දුම්රිය ස්ථානවලට පැමිණ නතර කොට ඉන් පිටත්වී යන තුරාවට එම දුම්රිය වේදිකා වල නිදා සිටින බලු රාළලා හෝ බලු හාමිනේ ලා නිකම් හෝ හිස ඔසවා නොබැලීම ද මා මෙම ගමන් වාරවලදී අත්දැකීමෙන් පසක්කර ගත් සත්‍යයකි.ඒ බේබියේ ගමන් කරන මඟීන් ඒ කාලය තුළ බුලත් විටකට වැඩි යමක් කෑමට නොගන්නා බව ඔවුන් ද සහ සුද්දෙන්ම දන්නා බැවිනි. එහෙත් ,එම කරුණ මුල් කොට මෙම සටහන සඳහා “බල්ලෙක්වත් ගණන් නොගන්නා බේබිය” වැනි කුරිරු සිරස්තලයක් යෙදීමට මට කෙසේවත් නොසිතේ. ඒ බේබියෙන් එම ප්‍රදේශවල ජනතාවට ඉටුවන සේවය සුළුපටු නොවන බැවිනි.
එමෙන්ම මෑතක සිට සාමාන්‍ය ගමන් බිමන් වල යෙදීමට අමතරව ඉතා අඩු වියදමකින් වැඩි තෘප්තියක් ද ලද හැකි විනෝද චාරිකා සඳහා ද සමහරුන් මේ බේබිය යොදා
ගන්නා බව පසුගිය කාලයේ අසන්නට ලැබිණ. මට ඒ බව මනාව තහවුරු කර ගත හැකි වූයේ මා මෙවර බේබියෙන් ගමන් කරන විට මාවතගම ප්‍රදේශයේ පෙර පාසලක සිගිත්තන් හා ගුරු දෙගුරු පිරිසක් බේබියෙන් විනෝද ගමනක් යනු දක්නට ලැබුණු බැවිනි. ඒ අනුව බේබිය ද එක්තරා අන්දමක “ඔඩෙසිය”කි.මේ සියළු කරුණු පදනම්ව වී ගොවිතැන ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා වැඩි නැඹුරුවක් සහිත හත් කෝරලයේ කෙත් වතු වැව් අමුණු සහ සදා හරිත තුරුලිය මද්දෙන් කිසිදු කඩිමුඩියක් නොමැතිව ගමන් කරන මෙම බේබි හා එක්ව යන ගමන ඔබේ ගත සිත සුවපත් කරවන්නක් බව මගේ වැටහීම ය.බේබියේ ඔබට දිගාසිරි!
තිලක් සේනාසිංහ