පළාත් පාලන ආයතන වල ආදායම් වර්ධනය කර ගැනීමට එම ආයතන වලට තම බල ප්‍රදේශය තුළ නිවස වල ඇතිකරන් සුනඛයන් සඳහා බලු බද්දක් අය කිරීම වැනි කටයුතු සඳහා වුවද බලය හිමිවන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.එමෙන්ම රජය ශක්තිමත් වන්නේ පළාත් පාලන මැතිවරණයේත් බලය ජාතික ජන බලවේගයට ලැබීමෙන් බව ද අමාත්‍යවරයා පවසයි.ඔහු ඒ බැව් පවසා සිටියේ“ජය නියතයි ගම අපටයි” යන මැයෙන් ජාතික ජන බලවේගයේ නාවලපිටිය ප්‍රදේශයේ පළාත් පාලන ආයතන වලට තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා ජනහමු මාලාවේ පස්බාගේ කෝරළයේ දෙකිඳ කොට්ඨාශයේ (24) දින පැවති ජන හමුවක දීය.