බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක වෘත්තීය ත්‍රිරෝද රථ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ රථ ලියාපදිංචිය සැප්තැම්බර් 1 වැනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජිව මහතා පවසයි.එම ලියාපදිංචි කිරිම් ඔන් ලයින් ක්‍රමයට සිදුකිරිමට අපේක්ෂා කෙරේ.බස්නාහිර පළාත තුළ වෘත්තීය ත්‍රිරෝද රථ තුන්ලක්ෂ පනස්දහසක් පමණ ඇතැයි හඳුනාගෙන තිබේ.එය මුලු දිවයිනේම ඇති වෘත්තීය ත්‍රිරෝද රථ වලින් තුනෙන් එකක පමණ ප්රමාණයකි.පොදු මගී ප්‍රවාහනයට සම්බන්ධ ත්‍රිරෝද රථ වෙනුවෙන් අවශ්‍ය සහය ලබාදිම සදහා මෙම නියාමනය සිදුකෙරෙන බව සභාපති වරයා වැඩිදුරටත් පවසයි.