මෙවර ඉන්ධන මිල සංශෝධනයේදී ඩීසල් මිල අඩු නොකිරීම මත බස් ගාස්තු කිසිසේත්ම අඩු කර නොහැකි බව ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරයි.මේ වන විට පවතින තත්ත්වය යටතේ බස් රථ ධාවනය සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරන්නට සිදුව ඇති අතර බස් රථ නඩත්තු කිරීම සඳහා අමතර කොටස් සහ ටයර් ආදිය සඳහා විශාල මුදලක් වැයවන බව ද ඔහු පෙන්වා දෙයි.ඒ අනුව පෞද්ගලික බස් සේවාව තව දුරටත් පවත්වාගෙන යාම පිණිස
අනිවාර්යෙන්ම ඉදිරිය ජුලි මාසයේ දී සිදුවන මිල සංශෝධනයේදී අසීමිත ලෙස බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ගැමුණු විජේරත්න මහතා පවසා සිටියි.