බස් ගාස්තුව ඉහළට

ජනවාරි (01) සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත සියයට 18ක වැට් බද්ද හේතුවෙන් සියලුම බස් ගාස්තු සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ යනු ඇත.

මේ අනුව දැනට රුපියල් 30 ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 35ක් වනු ඇති බවද සෙසු සියලුම ගාස්තුද එම ප්‍රතිශතයෙන්ම ඉහළ යනු ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

බස් ගාස්තු වැඩි කිරීමේ දී ඉන්ධන මිල පමණක් අදාළ කර නොගනිමින් සෙසු නිර්ණායක 11ද සැලකිල්ලට ගෙන ගාස්තු සංශෝධනයක් සිදු කරන ලෙසට බස් සංගම් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවෙන් ඉල්ලීම් කර ඇති අතර ඒ අනුව බස් ගාස්තුව සියයට 15ක පමණ ප්‍රතිශතයකින් ඉහළ නැංවෙනු ඇති බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පැවසීය.

කාලීන පුවත්