ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති අතර බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ මාස තුනක් තිස්සේ ඩීසල් ලීටරයකට රුපියල් 28ක පාඩුවකට බස් කර්මාන්තයේ නියැලෙන බවය.