බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට

බස් ගාස්තු අඩු කළ හැකිද?තීරණය අද හෝ හෙට ඩීසල් මිල පහල යාමත් සමඟ බස් ගාස්තු අඩු කළ හැකිද?යන්න පිළිබඳව අද(04) හෝ හෙට ප‍්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.ජාතික ප්‍රතිපත්තිය අනුව සෑම වසරකම ජූලි 01 වන දා බස් ගාස්තු සංශෝධනයකට යා හැකි වුවද ඉන්ධන මිල සියයට හතරකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් අඩු වැඩි වීම මත බස් ගාස්තු සංශෝධනයකට ප්‍රතිපාදන ඇතැයි පැවසූ ඒ මහතා බස් ගාස්තු සංශෝධනය සිදුකළ යුතු ආකාරය පිළිබඳ තොරතුරු ඊයේ දිනයේ ප‍්‍රවාහන අමාත්‍යවරයාට යොමු කළ බව ද කීය.ඉන් පසු ඊට අනුමැතිය ලැබුණහොත් ලංගම බස් රථ ඇතුළු අන්තර් පලාත් සහ පලාත් බද පෞද්ගලික බස් රථ වල ද ගාස්තු අඩු වනු ඇතැයි ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසයි.එහෙත්, ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් පෙන්වා දෙන්නේ ඉන්ධන මිල සුළු ප්‍රතිශතයකින් පහළ වැටුණ ද පෞද්ගලික බස් කර්මාන්තයේ සෙසු වියදම් අනුව මේ අවස්ථාවේ බස් ගාස්තු පහළ දැමීමට තමන් කෙසේවත් සූදානම් නොමැති බවකි.

කාලීන පුවත්