ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්රකාශ කරයි.
ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී ඇත්තේ රුපියලකින් බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්රියන්ජිත් මහතා පවසයි.
නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 27, 56, 66, 77 ආදී ගාස්තු අය කරන බවත් එම වාසිය බස් හිමියාට හෝ මගී ජනතාවට නොලැබෙන බවත් ප්රියන්ජිත් මහතා පවසන ලදි.