බස් ගාස්තු සංශෝධනය ජාතික ප්රතිපත්තියට අනුකූලව කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස් ගාස්තු සියයට 5.27කින් අඩු කරන බවත් ඒ හේතුවෙන් රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත් හෙතෙම පැවසීය.
බස් ගාස්තු අඩුවීමේ වාසිය 100%ක්ම මගී ජනතාව ලබාගැනීමට නම් අනිවාර්යෙන්ම මාරු සල්ලි රැගෙන එන ලෙස මගී ජනතාවගෙන් ඉල්ලා සිටින ඒ මහතා සෑම ගාස්තු අවස්ථාවකදීම මේ රුපියල් දෙක, තුන, පහ වගේ මාරු කාසි ගැටලුව ඇති වීමට ඉඩ ඇති බව ද කියා සිටියේය.